පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකි දැයි සොයා බලයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඊයේ (11) උපදෙස් දුන්නේය.

පැරැණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අගමැතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවේ පැවැසීය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර විජේරාම පිහිටි අගමැති නිල නිවෙසේ ඊයේ (11) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ පැවැසූහ.

Related posts