යුවලකට වල් අලි ප්‍රහාරයක්

කුඹුරේ සිට ආපසු නිවෙස බලා යතුරු පැදියෙන් එමින් සිටි අඹුසැමි යුවලක් පෙරේදා (01) සවස මැදිරිගිරිය පේරමඩුව රක්ෂිතයේ මාර්ගයක දී වල් අලි ප්‍රහාරයක් එල්ල වී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් හා 44ක් වන  මැදිරිගිරිය ,මහ අඹගස්වැව,යාය 08 හි පදිංචිව සිටි එක් දරු අඹුසැමි යුවලකි.

පොලිසිය පවසන අන්දමට ගොවීන් කිහිප දෙනෙකු  පේර මඩුව රක්ෂිතයෙන් එපිට ඇති කුඹුරුවල වැඩ සඳහා දිනපතාම පාහේ මෙම පේර මඩුව රක්ෂිතයේ අතුරු මාර්ගය ඔස්සේ ගමන් කරන බවත් වෙනදාට කලින් කුඹුරුවැඩ අවසන් කර රෑබෝ වීමට පෙර මෙම වන රක්ෂිතය පසු කර පැමිණියත් පෙරේදා(01) සවස 6.30 පමාණ වන විට මෙම මාර්ගයේ පැමිණ ඇත.

අනෙත් ගොවීන් ට පි‍ටුපසින් තරමක් ප්‍රමාද වී යතුරු පැදියෙන් පැමිණි මෙම අඹුසැමි යුවල වල් අලි ප්‍රහාරයට ලක් වී තිබේ.

පසුව ඔවුන්ගේත් වල් අලියාගේත් කෑ ගැසීම නිසා ඔවුන්ට් ඉදිරියෙන් ගමන් කළ ගොවීන් වල් අලි ප්‍රහාරයට ලක්වූ දෙදෙනා රෝහල්ගත කිරීමට කටයුතු කළ ද දෙදෙනාම මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

කෙසේ වෙතත් මෙම මිස්නි මරණත් සමග පොලොනරුව දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැ‍ටුම් හේතුවෙන් මිනිස් ජීවිත 18ක් අහිමි වී ඇති බව පොලොන්නරුව වනජිවී කලාප කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා පැවසීය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts