එංගලන්ත කණ්ඩායමට ජය

ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සංචාරක එංගලන්තය ජය ගත්තේ ය.

ඒ, දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගනිමින් ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 381ට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 344ක් රැස් කළේ ය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 126කට දැවී ගියේ එංගලන්තයට ලකුණු 164ක ඉලක්කයක් ලබා දෙමින් ය.

එංගලන්තය තරගය ජය ගත්තේ, පන්දුවාර 43යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී සිටියදී ය.

තරගාවලියේ පළමු තරගය කඩුළු 7කින් ජයගත් එංගලන්තය තරග 2ට 0ක් ලෙස තරගාවලිය ජය ගත්තේ ය.

2014 වසරෙන් අනතුරුව මේ දක්වා එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව නැහැ.

Related posts