සමහර ප්‍රදේශවල සමහර වෙළදුන් ආහාර පනතට එරෙහිව කටයුතු කිරිම් වැඩි වෙමින් පවතිනවා එකි සමහර වෙළදුන් කල් ඉකුත්වු ආහාර ආදිය අලෙවි කලත් මේ පිලිබදව ජනතාවට නිසි අවබෝදයක් නොමැති විම විශාල ප්‍රශ්නයක්. ෆියැන් ශ්‍රිලංකා ආයතනයේ සම්බන්ධිකාරක චමිත් දර්ශණ හේමන්ත මහතා මේ බව පවසන ලද්දේ ආහාර මුලීක කර ගත් තොරතුරු හා ක්‍රියාකාරිත්ව යන මැයෙන් පැවති තරුණ හමුවක් අමතමිනි.

මෙය කොටගල කොමර්ශල් ප්‍රදේශයේ ශාලාවක පැවති අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු චමිත් දර්ශණ හේමන්ත මහතා ආහාර අයිතිය, ආහාර සුරක්ෂිතාව, හා ආහාර පනත පිලිබදව අද බොහෝ පිරිසකට නිසි අවබෝධයක් නැහැ ආහාර ශරිර ශක්තියට, ක්‍රියාකාරිත්වයට, ශරිර වර්ධනයට,මොලය වර්ධණය විමට මෙන්ම ජිවත් විමටත් අවශ්‍ය දෙයක් එහෙත් මෙම ආහාර වර්ග තමන්ට අවශ්‍ය ලෙස සකස් කර ගැනිම පිලිබදව නිසි අවබෝදයක් බොහෝ පිරිසකට නොමැති විම විශාල ප්‍රශ්නයක්.

සමහර රස කාරක වර්ග යොදා ගනිමින් සකස් කර ගන්නා ආහාර මගින් සිදුවන්නේ ශරිරයට විවිධ හානියන් එමෙන්ම අද වෙළද පල තුල කල් ඉකුත්වු ආහාර අලෙවිය ඉහල ගිහින් සමහර වෙළදුන් කල් ඉකුත්වු ආහාරවල කල් ඉකුත්විමේ දින වෙනස් කර නැවත අලෙවි කරන බවටත් චෝදනා පවතිනවා මෙම තත්වයන් පිලිබද මේ තරුණ පරපුර හෝ දැනුවත් කිරිම වටිනා දෙයක්.

මොකද මේ තරුණ පරපුරට යම් දෙයක් පිලිබදව වටහා දෙන්න හැකියාව වැඩියි එම තත්වයන් මත ලංකාව පුරා මෙවැනි වැඩ සටහන් පවත්වමින් ආහාර සුරක්ෂිතාවය මෙන්ම ආහාර පනත පිලිබදවත් මනා දැනුමක් ඇති තරුණ පරපුරක් ඇති කිරිමටත් ඒ තුලින් මේ රට තුල සුරක්ෂිත ආහාර රටාවක් ඇති කිරිමටත් ෆියැන් ශ්‍රිලංකා ආයතනය වැඩි දුරටත් කටයුතු කිරිමට පියවර ගන්නවා.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts