air-plane

දකුණු කොරියානු රාජ්‍යයේ නිශ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා 2023 වසරේ පැවැත්වීමට නියමිත 7 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072ක පිරිසක් අයදුම් කර ඇත. කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි.

පසුගිය වසරේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 31378ක් පමණ වන අතර ඊට සාපේක්ෂව මෙවර විභාගය සඳහා ඉතා ඉහල සංඛ්‍යාවක තරුණ තරුණියන් පිරිසක් අයදුම්කර ඇත.මෙම ලියාපදිංචිය 2023.02.13 දින සිට 2023.02 23 දින දක්වා කාලය තුලදී මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන ලදි.

මෙම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේෂපත්‍ර නිකුත් කිරිමද කාර්යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ අනුව 13000කට අධික තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා මේ වන විටත් විභාග ප්‍රවේෂපත්‍ර ලබාගැනිම සඳහා ඉදිරිපත් වී ඇත.

මේ අනුව “නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා” කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය 2023 මාර්තු 13 දින ආරම්භවීමට නියමිත අතර, “ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා” විභාගය 2023 සැප්තැම්බර් 01 දින ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත. මෙම විභාග පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්විමට නියමිතව ඇත.

Similar Posts