කොළඹට බටහිර දෙසින් ගැඹුරු මුහුදු පත්ලේ විශාල ඉරිතැලීම් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

පසුගියදා බේරුවල ප්‍රදේශයට බලපෑ භූ කම්පනවලට සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කොළඹ අවට භූ කම්පන මාපක සවි කර ඒවායින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කිරීමෙන් භූමිකම්පා ඇතිවීමට සැබෑ හේතු හඳුනාගත හැකි බවද අවධාරණය කර තිබේ.

1615 සිට කොළඹ අවට ප්‍රදේශවල භූමිකම්පා වාර්තා වී ඇති නමුත් ඒවාට හේතුව තවමත් නොදන්නා බව මහාචාර්යවරයා පැවසීය.

ඉදිරියේදී කොළඹට බටහිර දෙසින් භූ කම්පන ඇතිවීමට ඉඩ ඇති බවත් ජන ඝනත්වය වැඩි කොළඹට ආසන්නව ප්‍රබල භූ කම්පනයක් ඇති වුවහොත් හානිය විශාල විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Similar Posts