go

අද ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි ගොවි සමාගම්වල ඉන්න ගොවි මහත්වරුන් පිරිසක් මේ අය මයික් ඉස්සරහට ඇවිත් ඔහේ කියවනවා.

හැටන් රොතස් සත්ව ගොවිපල නිරික්ෂනය කිරිමට 13වන දින පැමිනි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා එහිදි මේ බව පවසන ලදි.එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු මහින්ද අමරවීර මහතා අපි වගකිම් ගන්න විට ගොවියා හිටියේ කුඹුරේ නොවෙයි මහ පාරේ අද ඔය ගොවි මහත්වරුන් පොහෝර දෙන්නේ නැහැ කිවත් යුරියා හා එම්.ඕ.පි. බන්ඩි පොහොර අපි නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා බව වගකිමෙන් කියනවා.

අල හා එලවළු ගොවින්ට අවශ්‍ය පොහෝරත් ලබන කන්නයේ සිට නිසි ලෙස ලබා දිමට පියවර ගන්නවා අපි ඡන්ද කල් දාන්න කියන්නේ නැහැ නිසි කලට ඡන්ද තියයි එම ඡන්දවලින් අපි ජය ගන්නවා අපි ලක්ෂ ගනන් ඡන්ද අරගෙනයි අවේ අපි ආන්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයෙත් ඉදලා තියෙනවා වංචා දුෂනවලට සම්බන්ද නැති නිසායි අපිට ඇමතිකම් ලැබෙන්නේ එත් ඔය සමහර කට මැත දොඩවන පාර්ලීමේන්තු මංත්‍රිවරුන්ට නම් ඇමති ධුර කර ගෙනයන්න බැරිවෙයි.

මම ඇමති ධුර දැරුවත් තවම ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ප්‍රජතන්ත්‍රවාදය නැති කරන්න දෙන්න බැහැ ලග එන පලාත් පාලන මැතිවරණයේදි හම්බන්තොට දිස්ත්‍රික්කය ශ්‍රිලංකා නිදහස් පක්ෂයට දිනා දිමටත් පියවර ගන්නවා.

දැන් මේ සත්ව ගොවිපලේ සතුන් තුන් සියයක් පමන ඉන්නවා මෙහි දිනකට කිරි ලිටර් තුන්දාහාක් පමන ගන්න බවත් පැවසෙනවා මෙම ආයතන තවත් දියුනු කිරිමට අවශ්‍ය පහසුකම් අපි ලබා දිය යුතුයි.

මේ අයට බැංකු නය පහසුකම් ලබා දිලා මේ අයට අවශ්‍ය සහන ලබා දිමට අපි පියවර ගත යුතුයි එම තත්වයන් තුලින් මෙහි කිරි නිස්පාදනය තවත් වැඩි කිරිමට හැකි වෙනවා.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts