අනුරාධපුර ප්‍රකට දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය පදිංචිව සිටින අනුරාධපුර නව නගරයේ නිවෙසේ තිබු රුපියල් ලක්ෂ 80කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සොරකම ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට උතුරු මැද පළාතේ ව්‍යාපෘති කළමනාකරුවකු වන ඥාන අක්කාගේ දියණියගේ සැමියා (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඔහු පොලීසියට සදහන් කර ඇත්තේ සොරාගෙන ඇති මුදල් හා රන් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් 8,050,000ක් පමණ වන බවයි.

එළඹෙන 23 වැනිදා පැවැත්වෙන කොළඹ මිතුරකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා කොළඹ බලා යෑමට ඇති බැවින් සිය බිරිද අල්මාරියේ තිබුණු රන් භාණ්ඩ පරීක්ෂා කර බැලීමේදී මුදල්ද සමඟ රන් භාණ්ඩ සියල්ල අතුරුදන්ව ඇති බව දැක ඇති බව ඔහු සදහන් කරයි.

නිවසේ මෙම විටිනා රන් භාණ්ඩ සහ මුදල් අතුරුදන් වීම ගැන සැක කරනුයේ නිවෙසේ වසර 06ක පමණ කාලයක් තිස්සේ සේවයේ නිරතව සිටින බලංගොඩ ප්‍රදේශයේ මෙහෙකාරියක බවද පොලිසිය සදහන් කරයි.

ඇගේ සැමියාත් ඔහුගේ ඥාතියකුත් පැමිණිලිකරුට අයත් කිරික්කුලමේ පිහිටි ඉඩමක වගා කිරීම සඳහා ගෙන්වාගෙන සිට ඇති බවත් ඔවුන් පසුගිය 07 වැනිදා පිටව ගොස් ඇත්තේ නිවෙසේ මෙහෙකාරිය සමඟ බවද පොලිසිය සදහන් කරයි.

Similar Posts