තුර්කියේ දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකිය පළ කරමින් ලොව පුරා ඉමහත් අවධානයට ලක් වූ නෙදර්ලන්ත ජාතික ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් මීට දින තුනකට පෙර නිකුත් කළ යූ ටියුබ් වීඩියෝ පටයට අනුව ඔහුගේ පළමු අනාවැකිය පෙරේදා රාත්‍රී සැබෑ වී තිබේ. මාර්තු 1 වැනිදා හෝ 2 වැනිදා බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහයන් එකිනෙකාට ඉතා ආසන්නයට පැමිණෙන බවට ඔහු එම වීඩියෝ පටයෙන් ප්‍රකාශ කළ අතර, ඊයේ නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 1 වැනිදා රාත්‍රියේදී එය එලෙසින්ම සිදුවූ බවකි.

ග්‍රහලෝක ගමන් ගන්නා ආකාරය අධ්‍යයනය කරමින් අනාවැකි පළ කරන මේ විස්මිත ෙජ්‍යා්තිර්වේදියා වැඩිදුරටත් කියා ඇත්තේ එම ග්‍රහලෝක යෝගයෙන් පැය 9ක් ඇතුළත පෘථිවිය ද ඇතුළත්ව බුද හා සෙනසුරු ග්‍රහයන් ද එකිනෙකා ආසන්නයට පැමිණීමට ඉඩ ඇති බවය. එය වඩාත් බරපතළ කාරණාවක් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට 3 හෝ 4 වැනිදා විශාල හෝ අතිවිශාල භූ කම්පනයක් සිදු වීමේ අවදානමක් ඇතැයි ෆ්‍රෑන්ක් වැඩිදුරටත් අනාවැකි පළ කර තිබිණි.

එමෙන්ම මාර්තු 5 වැනිදා අඟහරු, සිකුරු හා සෙනසුරු අතර සිදුවිය හැකි බවත්, සිකුරු ග්‍රහයා මැදි කරමින් එවැන්නක් සිදුවීම ඉතා බරපතළ කාරණාවක් බවත් ඔහු සඳහන් කර තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රිච්ටර් මාපකයේ 7.0ක සිට 8.0 දක්වා විශාල භූ කම්පනයක් හෝ සිදුවීමේ අවදානමක් ඇති බවට ඔහු අනතුරු අඟවා තිබිණි.

Similar Posts