උදාවන අසිරිමත් නත්තල නිමිත්තෙන් වාර්ෂිකව මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන නත්තල් ගීතිකා වැඩසටහන් මාලාව පවත්වන්නට යෙදුණි.

එදා මෙන්ම අදත් දුම්බර බන්ධනාගාර නේවාසිකයින් හට නත්තලේ සැබෑ අරුත කියා පාමින් ඔවුන් සමඟ අසිරිමත් කිතු උපත සැමරීමට කාර්‍යාලයේ කාර්‍ය මණ්ඩලය සහ සහායක කණ්ඩායම අමතක නොකළ අතර බන්ධනාගාර නේවාසිකයන්ද ඉතාමත් ප්‍රීතියෙන් එම වැඩසටහන් හා සම්බන්ධ වීම “සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන්න සමාජගත කිරීමට අප දරන උත්සාහයේ සුවිශේෂී සංධිස්ථානයක් විය. නේවාසිකයන්ද නාට්‍ය, ගීතිකා ඇතුළු අංග රැසක් වැඩසටහන තුළ ඉදිරිපත් කරමින් සිය හැකියාව ප්‍රදර්ශනය කරන්නට විය.

එම නත්තල් ගීතිකා ගායනා වැඩසටහන් 21 දිනය පුරා හේන්දෙණිය මත්ද්‍රව්‍ය සම්බන්ධ පුනරුත්ථාපන මධ්‍යස්ථානය, “දයා නිවස” විශේෂ අවශ්‍යතා සහිත ළමා නිවාසය සහ මහයියාව වැඩිහිටි නිවාසය ඇතුළු ස්ථාන වල පැවැත්වීය.

Human Rights Office, Kandy

Similar Posts