cocunet

මේ වන විට පොල් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග  ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

අද විට  පොල් ගෙඩියක මිල රුපියල් 100, 110, 120, වැනි මිලකට අලෙවි වන අතර කුඩා පොල් ගෙඩියක්ද රුපියල් 85 ත් 90ත් අතර මිලකට අලෙවි වනු ඇත‍.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ පොල් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත පොල් මිලට ගැනිමට ගිය විට එලොව පොල් පෙනෙන බවත්ය.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන පොල් වෙලදුන් පවසනුයේ මේ වන විට පොල් තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts