infuliwansa

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් පැතිර යන බව බැවින් ගැබිනි මවුවරුන්, වයෝවෘද්ධ අය වැනි අවදානම් සහිත පුද්ගලයින් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ ප්‍රකාශ කර සිටියි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ මේ වන විට පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදය ස්වසන පද්ධතියට බලපාන අතර එය අවදානම් කණ්ඩායම්වල පුද්ගලයින්ට මාරාන්තික විය හැකි බවයි.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට කැස්ස, උගුරේ අමාරුව සහ සමහර විට ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇති වන බවත්, සමහර පුද්ගලයින්ට දින කිහිපයකින් සුවය ලැබුවද තවත් සමහරුන්ට දිගු කාලයක් කැස්ස සහ හුස්ම හිරවීම පවා ඇතිවිය හැකි බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේ.

“ගැබිනි මවකට, අවුරුදු 70ට හෝ 80ට වැඩි පුද්ගලයන්ට සහ නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන අයට වෛරසය ආසාදනය වුවහොත් එය මාරාන්තික විය හැකියි. එවැනි අය වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවත් එවැනි කාණ්ඩ වල රෝගීන් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් වැළකි සිටිය යුතු බවයි” ඔහු කියා සිටියේ.

අධික උණ තෙහෙට්ටුව සමඟ දින දෙකකට වඩා පවතින්නේ නම් මේ දිනවල ඩෙංගු උණ ද වේගයෙන් පැතිර යන බැවින් පැරසිටමෝල් හැර ඖෂධ ගැනීමෙන් වැළකී සිටිය යුතු බව විශේෂඥ වෛද්‍ය දික්මාදුගොඩ සඳහන් කර සිටියේ.

Similar Posts