ilango-gandi

මානව හිමිකම් පිලිබදව කතා කරන විට මේ වන විට මේ රටේ බොහෝ පිරිසකගේ මානව හිමි කම් නැති වෙලා තියෙන්නේ වීශේෂයෙන් අද කාන්තාවන්ගේ කුඩා දරුවන්ගේ මානව හිමි කම් දැඩි ලෙස උල්ලංගනය වෙමින් තිබෙනවා.

ශ්‍රිලංකා සාම විනිසුරු මණ්ඩලයේ ගවනර් එස්. පි.ඉලංගෝ ගාන්ධි මහතා මේ බව පවසන ලදදේ එම සාම විනිසුරු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මානව හිමිකම් දින උත්සවයක් අමතමිනි.

එහිදි වැඩි දුරටත් කතා කල ඉලංගෝ ගාන්ධි මහතා අද කාන්තා හා ලමා දුෂන දැඩි ලෙස ඉහල ගිහින් තියෙන්නේ වතුකරය ගත් විට වතුකර ජනතාවගේ මාවන හිමිකම්ද දැඩි ලෙස උල්ලංගනය වෙමින් පවතිනවා මේ වතුකර ජනතාවට නිසි වැටුපක් නැහැ නිසි සෞඛ්‍ය පහසුකම් නැහැ අඩු තරමින් සමහර වතුවල නිසි පානිය ජල පහසුකමක්වත් නැහැ.

සමහර පාසල්වල දරුවන්ට නිසි ලෙස වැසිකිලි පහසුකම් නිසි ලෙස පානිය ජල පහසුකම් නැහැ එමෙන්ම සමහර පාසල්වල සමහර ගුරුවරුන් පාසල්වලදි ඉගැන්විය යුතු පාඩම් පාසල තුලදි නිසි ලෙස ඉගැන්විම් නොකර එම ගුරුවරුන් විසින් මුදල් ලබා ගෙන පවත්වන අමතර පංති තුලදි පවත්වනවා මෙම තත්වයන් මත එම දරුවන්ගේ මානව හිමිකම් අහිමි වෙලා තියෙන්නේ.

මෙහිදි මාවන හිමිකම් දින සැමරුම නිමිති කර ගෙන ප්‍රදේශයේ සාම විනිසුරුවරුට සහතික පත් ප්‍රධානයක්ද සිදු කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts