rahuman

”රඹුක්කන සිද්දියේ දී අපි දකිනවා නීතියේ ආධිපත්‍ය තුළ තියන වෙනස. නීතියේ ආධිපත්‍ය කියන එක ජාතීන් අනුව භාෂාව අනුව දේශපාලන පක්ශ අනුව වෙනස් වෙනවා. ඒ වගේම රටේ පාලකයන්ගේ උවමනා අනුවත් නීතියේ ආධිපත්‍ය වෙනස් වෙනවා.

අපි අරගලයේ ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනවා, නමුත් ප්‍රචණ්ඩත්වයට හේතු වූ කාරණා කතා කරන්නේ නැහැ. දරුවොන්ට කන්න නැතුව පාරට බැහැපු මිනිස්සුන්ව අල්ලා හිරේ දානවා නමුත් කෝ පාස්කු ප්‍රහාරයට යුක්තිය..? සහරාන් සමඟ සමීප සම්බන්ධතා පවත්වපු අය නිදොස්කොට නිදහස්.

ස්වාධීන ආයතන කියලා බෝඩ් ගහලා තිබුණට ඒවගේ ඇති ස්වාධිනත්වයක් නැහැ.ස්වාධීන ආයතන ඇති කරන්න පාලනයක් ඇති කරන්න 19න් පස්සෙ සංශෝධන ගණනාවක් ගේනවා ඇති උන ස්වාධීනත්වයක් නැහැ. තමන්ගේ වරප්‍රසාද වෙනුවෙනේ හැම එකකටම අත උස්සන මන්ත්‍රීවරු කීපයක් ඉන්නවා. අන්න එහෙම අය සමඟයි අපිට දූෂණ වංචා ගැන,සිස්ටම් චේන්ජ් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලා තියෙන්නේ.

අරගලයේ කාළයේ දී හැමෝම දේශපාලන ප්‍රථිසංස්කරා ගැන කතා කරා දැන් කවුරුත් ඒ පිළිබඳව කතා කරන්නෙ නැහැ. අඩුම තරමේ වර්ථමාන ජනාධිපතිවරා දේශපාලන ප්‍රතිසංස්කරන ගැන කතා කරා එවකට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී. ඔහු කිව්වා අපි තරුණයන්ට ඇහුම්කන් දිය යුතුයි දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි නැතිනම් පාර්ලිමේන්තුව ගිනි තියයි කියලා නමුත් රනිල් ව්ක්‍රමසිංහ දැන් ජනාධිපති දැන් කෝ ඒ කිව්ව කතා?

අපේ රට ඉස්සරහට යන්න අනිවාර්යෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ තිබිය යුතුයි. අවු.74ක් ගිහින් තිබුණත් තවමත් අපි එකතැන පල් වෙන්නේ මේ නිසා. ඒ වගේම ඉස්සරහට යන්න නීතියේ ආධිපත්‍ය සහ සංහිදියාව පිළිබඳව අපේ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙන්න ඌනි. නැතිනම් තව අවුරුදු ගණනාවකට අපිට ඉස්සරහට යන්න බැහැ.”

අද(30) දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් පවත්වන ලඳ ‘2022’ ආපසු හැරී බැලීම යන වැඩසටහන ට එක් වී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළේය.

මේ සඳහා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරියක් වන අනුෂ්‍යා ශන්මුගනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන්,ජනාධිපති වෘතීය සමිති අධ්‍යක්ෂක ජෙනරාල් සමන් රත්නප්‍රිය සහ රයිට් ටු ලයිෆ් හි විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

එසේම මෙහි දී අප්‍රේල් 19 රඹුක්කන ප්‍රචණ්ඩත්වය සහ මැයි 09 ගෝල්ෆේස් ප්‍රති ප්‍රතිප්‍රචණ්ඩත්වය පිළිබඳව සැකසුණු සිද්ධි අධ්‍යන වාර්ථා එළි දැක්වීම සහ මැයි 09 ගෝල්ෆේස් ප්‍රහාරය පිළිබඳව නිර්මාණය වූ වාර්ථාමය චිත්‍රපටය එළි දක්වන ලඳි.

Similar Posts