bbc news sinhala

ඉකුත් ඉරිදා දිනයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආලින්දය ඉන්දියානු සංචාරකයන්ගෙන් පිරී පැවැතියේ ඒ කණ්ඩායම එම හෝටලයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට පැමිණි නිසාද නැත්නම් ලංකාවේ සිරි නැරඹීමට පැමිණි නිසාදැයි පැහැදිලි නැත. අලංකාර ඇඳුමෙන් සැරසුණු යුවතියෝ ඔබමොබ හැසිරෙමින් සිටියහ.

සහරාන්ගේ ප‍්‍රහාරය නිසා කොළඹ සෑම තරු හෝටලයකටම ඇතුළුවීමේදී ශරීර පරීක්‍ෂාවක් සිදුවන නිසා මුදල් පසුම්බිය හා ජංගම දුරකථන දොරටු ආරක්‍ෂක නිලධාරිනියට භාරදෙමින් මා පැවසුවේ ‘‘දැන් හෝටලයට එන එකත් එයාර් පෝර්ට් එකට ඇතුළු වෙනවා වගේ නේ’’ කියාය. එවිට එතැන සිටි තවත් ආරක්‍ෂක නිලධාරියෙක් ඉදිරි දොරටුව පෙන්වමින් ප‍්‍රකාශ කළේ මේ දොරෙන් නේ සහරාන්ගේ ගෝලයා ඇතුළට ගියේ යනුවෙනි.

ඇත්තෙන්ම ටාජ් සමුද්‍රා හෝටලයට ඇතුළුවූ සහරාන්ගේ ගෝලයා වූයේ අබ්දුල් ජමීඞ් මොහොමඞ් නැමැත්තාය.අබ්දුල්ගේ බෝම්බය ටාජ් සමුද්‍රා හෝටලයේ පුපුරා නොගිය අතර එය පුපුරා ගියේ දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේය. ඒ නිසාම අසල කාමරයක සිටි යුවළකටද පෙම්සුව විඳින අතරේම මරුවා සමඟ යන්නට සිදුවිය.

අපේ හිතමිත‍්‍ර තිවංක හොටල් ආලින්දයට පැමිණ සිටියේ ඔහුගේ ඉන්දියානු මිතුරා හඳුන්වාදීමටය. අපි අද කතාකරන්නේද මේ සුවිශේෂී පුද්ගලයා ගැනය. මන්ද ලංකාවට ආදරය කරන ලංකා භූමියේ සුවඳට ආසා කරන රාවණා ගැනත් මහ ඉහළින් කතා කරන ඔහු පන්ජාබ් සරසවියේ ආචාර්ය උපාධියද ලබාඇති අශෝක් කුමාර් කාන්ත් ය.

උත්තර් ප‍්‍රදේශ් වැසියෙක් වන ඔහු 2004 සිට ලංකාවට නිරන්තරව පැමිණෙයි. මෙවර ලංකාවට පැමිණ ඇත්තේ 219 වැනි වතාවටය. එය සැබවින්ම විශේෂ වාර්තාවකි. මේ අශෝක් කුමාර් ගැන ලිපියක් ලියන්න සිතුනේද ඒ ගමන් වාර 200 පසු කිරීම වාර්තාවක් වන හෙයිනි. ඔහු සමඟ ගතකළ පැය භාගයක කාලයේදී අපට සිතුනේ මේ ඉන්දියානුවා අපට වඩා ලංකාව ගැන ඉතා හොඳ දැනීමක් ඇති පුද්ගලයකු බවයි. ඔහු සුවිශේෂී චරිතයකි.

අශෝක් අප සමග පැවසූ විස්තර මෙලෙස සටහන් කරමි.

ඇත්තෙන්ම මම ලංකාවේ හැම තැනම දන්නවා. නොගිය තැනක් නැහැ. මොකද මම ලංකාවට 219 වතාවක් ඇවිල්ලා තියෙනවා. මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, මිලින්ද මොරගොඩ, ජයලත් ජයවර්ධන ඒ සියලූ දෙනාමත් දන්නවා. මේ ළඟදීත් බැසිල් රාජපක්‍ෂ මහතා මගෙන් ආරුගම්බේ ප‍්‍රදේශයේ තියෙන තැනත් ගැන ඇහුවා. මොකද ඔවුන් දන්නවා මම මේ තැන් ගැන හොඳට දන්නවා කියලා.

bbc news sinhala

Similar Posts