ජන අරගලයෙන් බිහිවූ දේශපාලන සංවිධාන හා සිවිල් සංවිධාන සහ අරගලයේ පාර්ශවකරුවන් වූ සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් වෙනස නව සන්ධානය ගිවිසුම්ගතවීම හා ජනගත කිරීමේ උත්සවය ඊයේ (12) සිදු කෙරුණා.

ඒ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දීයි.

ජීවන ක්‍රමය හා සංස්කෘතිය යහපත් ලෙස වෙනස් කිරීම, ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජයීය, සාක්ෂරතාවය දියුණු කිරීම තුළින් සතුටින් ජීවත් වන ජනතාවක් සිටින රටක් බවට පත් කිරීම, නැවත වරක් පුද්ගලයින් හෝ පක්ෂ විශ්වාස කර බලය ලබාදීමෙන් රට ගොඩ ගත නොහැකි බැවින් කවුරුන් ආවත් වෙනස් කළ නොහැකි සිස්ටම් එකක් රට තුළ ඇති කිරීම වෙනස නව සන්ධානයේ අපේක්ෂාව බවයි එහි සභාපති සුසන්ත කොඩිතුවක්කු පවසන්නේ.

එමෙන්ම, දූෂිත දේශපාලන ක්‍රමය අවසන් කිරීම, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති පවුල් කල්ලි හෝ පුද්ගලයින් කිහිපදෙනෙකුට උරුම වූ දේශපාලන පක්ෂ ක්‍රමය වෙනුවට ජනතාව විසින් ජනතාව වෙනුවෙන් නිර්මාණය කරන දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය, ජාවාරම්කාර කොල්ලකාරී ආර්ථික ක්‍රමය වෙනස් කිරීම වැනි කරුණු මත මෙම සංවිධානය ජනගත කරන බව වෙනස නව සන්ධානයේ උප සභාපති පියවී විජයවර්ධන පවසනවා.

තවද, වෙනස නව සන්ධානය බලයට පත් වූවහොත් කිසිවෙකුට යටත් නොවී මෙරටේ ජීවත්විය හැකි බව ද, දශක 07ක් විවිධ පක්ෂයන් බලයට පත් වුවත් මෙරට ගොඩගැනීමට කිසිඳු පක්ෂයකට නොහැකි වූ අතර 2022 දී ජනතාවද එය හොඳින් තේරුම්ගත් නිසා ඒ මිනිසුසුන්ට ඡන්දෙට කතිරෙ ගහන්න අවස්ථාවක් නොමැති බැවින් ඒ අවස්ථාව ඇති කිරීමට වෙනස නව සන්ධානය පිහිට වූ බව ද ඔහු මෙහිදී පැවසුවා.

එමෙන්ම, මෙම වෙනස නව සන්ධානයේ අර්බුදයෙන් වාසි නොගැනීම, ලංකාව තුළ සිටින ක්ෂේත්‍ර 22ක ජනතාව එකතුකරගෙන එම ක්ෂේත්‍රවල සාක්ෂරතාවය වැඩිකරගෙන රට හදන්න කටයුතු කරන බව ද, ප්‍රමුඛතාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අත්‍යාවශ්‍ය දේවල්වලට හැර රටේ මුදල් වියදම් නොකරන බව ද, සිස්ටම් එකක් හරහා රට හැදුවහොත් රටට වෙන හානිය අවද කර ගත හැකි බැවින් පුද්ගලයෙක් මූලික කර නොගෙන සිස්ටම් එකක් මුල් කර ගන්නා බවයි පියවී විජයවර්ධන එහිදී වැඩිදුරටත් පැවසුවේ.

Similar Posts