ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6 යි දශම 3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා තිබේ. එය ඉතිහාසයේ වසරක් තුළ ලැබූ වැඩිම ශුද්ධ ලාභය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංවිධාන කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 4 යි දශම 2 ක ආදායමක් උපයා තිබේ. දේශීය තරඟ සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ඇති මුදල රුපියල් බිලියන 2 යි දශම 2 යි 7 ක්.

උපයාගත් ආදායමෙන් රුපියල් බිලියන 1 යි දශම 2 ක් සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් ලබාදුන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විතවයි.

විනිසුරු කේ.ටී චිත්‍රසිරි එහි සභාපති ලෙස කටයුතු කරනවා. ජාත්‍යන්තර වශයෙන් සෙසු ක්‍රිකට් ආයතනවල ව්‍යවස්ථා අධ්‍යයනය කර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා විශේෂඥ මණ්ඩලයේ උපදෙස් පරිදි නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට නියමිතයි.

Similar Posts