sandya

BBC විසින් හෙළිදරව් කර තිබෙන 2022 සඳහා ලොව පුරා සිටින ආනුභාව සම්පන්න සහ බලගතු කාන්තාවන් 100 දෙනෙකුගේ ලැයිස්තුවට සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඇතුළත් කර තිබෙනවා.

මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ උද්ඝෝෂකයෙකු වන සන්ධ්‍යා එක්නැලිගොඩ තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ භාර්යාවන්ට උපකාර කරන්නියක් ලෙස යි බී.බී.සීය හඳුන්වා ඇත්තේ.

ඇයගේ සැමියා, ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටූන් ශිල්පියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ යි.

ඔහු 2010 ජනවාරි මාසයේ දී අතුරුදහන් වූ අතර, ප්‍රගීත් එක්නැලිගොඩ රජයේ ප්‍රබල විවේචකයෙකු ද වුණා.

දෙමළ කොටි බෙදුම්වාදීන්ට සිදු වූ බව කියන අපයෝජනයන් ද ඔහු විමර්ශනය කළා.

ඔහු අතුරුදහන් වූ දා සිට දෙදරු මවක් වූ සන්ධ්‍යා එක්නැලිගොඩ යුක්තිය පතා විවිධ අරගළ සිදු කළ අතර, තම සැමියා පැහැරගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් වගකිව යුතු බවට යි ඇය චෝදනා කරන්නේ.

”මම සෑ ම අවස්ථාවක දී ම අන් අය වෙනුවෙන් සටන් කරන, නිර්මාණාත්මක අරගළයක යෙදෙන, අපහාස සහ අවලාද මධ්‍යයේ කැප වීමෙන් අභියෝග ජය ගන්නා කාන්තාවක්” යනුවෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ පවසනවා.

Similar Posts