nayagara-ella

අමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති අධික ශිත කාලගුණය පසුගිය වසර 50ක ඉතිහාසය තුල එරට ඇතිවූ දරුණුතම ශිත කුණාටුව බව කාලගුණ බලධාරීන් සඳහන් කර සිටින්නේ.

මේ අතර අධික ශිත කාලගුණය නිසා ලොව ලොව වඩාත් ප්‍රචලිත නයගරා දිය ඇල්ල මේ වන විට සම්පුර්ණයෙන් හිමෙන් මීදී පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

වසර 60කට පසු අමෙරිකා මහාද්වීපයට බලපෑ අධික හිමපතනය හේතුවෙන් එරට ජන ජීවිතය මුළුමනින්ම බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු අමෙරිකාවට සහ දකුණු අමෙරිකාවට මේ හිමපතනයේ බලපෑම බරපතළ තත්ත්වයක් උදාකර ඇති අතර, මේ දක්වා අමෙරිකාවේ පුද්ගලයන් 46ක් ද, කැනඩාවේ සහ මෙක්සිකෝවේ පුද්ගලයන් 56 ද හිමපතනයට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නිව්යෝක්, කොලරාඩෝ, කැන්සාස්, මිචිගන්, මිසූරි, ඔහියෝ ඇතුළු තවත් ප්‍රාන්ත ගණනාවක මහාමාර්ග නිවාස සහ මෝටර් රථ මුළුමනින්ම හිමෙන් වැසී ගොස් ඇති අතර, වැඩි දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මෝටර් රථ තුළ දින දෙකක් පුරා සිරවී සිටීම හේතුවෙනි. නිව්යෝක් නුවර තත්ත්වය වඩාත් බරපතළ බැවින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගෙන ඇත.

Similar Posts