hatton-wisrama-salawa

හැටන් දුම්රිය ස්ථානය අසල ඉදි කර ඇති ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාව මේ වන තෙක් වසා දැමිමත් සමග දුම්රියේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සමහර වන්දනාකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම විශ්‍රාම ශාලාව මෙසේ වසා දැමිමත් සමග රාත්‍රි දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර දහවල් දුම්රියෙන් පැමිනෙන වන්දනාකරුවන්ද ඒ අසල ඇති හැටන් තැපැල් කාර්යාලයට අයත් ගොඩනැගිල්ල ඉදිරිපිට වාඩිවි සිටින අයුරුද දක්නට හැක.

මෙසේ මෙම විශ්‍රාම ශාලාව වසා දැමිම හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් මෙම තත්වයන් මත තමන් රැගෙන එන ආහාරද එලිමහනේ සිට කැසට සිදුව ඇති බවද වන්දනාකරුවන් පිරිසක් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ජනක ප්‍රනාන්දු මහතා පවසන ලද්දේ ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මේ වන තෙක් වැඩි වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් නොපැනෙන බවත්ය.

එමෙන්ම මෙම විශ්‍රාම ශාලව තුල වන්දනාකරුවන්ට අවශ්‍ය සමහර යටිතල පහසුකම් නිසි ලෙස ලබා දිම සදහා අලුත් වැඩියා කටයුතු සිදු කිරිමට ඇති බවත්ය.

මෙම සියලුම යටිතල පහසුකම් කඩිනමින් නිම කර ඉදිරි සත් දෙකක කාලය තුලදි මෙම විශ්‍රාම ශාලාව වන්දනාකරුවන්ට විවෘත කර දිමට පියවර ගන්නා බවත් මේ වන තෙක් වන්දනාකරුවන් විශ්‍රාම ශාලාව විවෘත කර දෙන ලෙස ඉල්ලිම් කර නොමැති බවත් දුම්රියෙන් පැමිනෙන වන්දනාකරුවන්ට දුම්රිය ස්ථානයේ වේදිකාවල සිටිය හැකි බවද ඔහු පවසන ලදි.

එමෙන්ම දුම්රියෙන් පැමිනෙන ශ්‍රිපාද වන්දනාකරුවන් ඇතුළු සියලුම දුම්රිය මගින් කසල වෙන්කර අදාල බදුන්වලට දැමිමට පියවර ගන්නේ නම් එය මෙම දුම්රිය ස්ථානයේ පිරිසිදු බාවය රැක ගැනිමට විශාල දායකත්වයක් ලැබෙන බවද ජනක ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts