මෙරට ළමයින් 56,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඉන් වයස අවුරුදු පහට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහය අවශ්‍ය බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ළමයින් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දෙනවා.

මිලියන 6.2 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර, 66,000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා.

ශ්‍රී ලංකාවේ පවුල් පහකින් දෙකක්ම තම මාසික වැටුපෙන් සියයට 75 ක් වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමටයි.

ඒ හේතුවෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ හැක්කේ ඉතා අඩු ප්‍රමාණයක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

Similar Posts