නිව්වැලි ගින්නෙන් නිවාස 14ක් මුලුමනින්ම විනාශයට

නොර්වුඩ් පොලිස් වශමට අයත් නිව්වැලි ගම වතු නිවාස තුල හටගත් ගින්නක් හේතුවෙන් එහි නිවාස 14ක් මුලුමනින්ම විනාශ විමෙන් එම නිවාසවල සිටි 50කට අධික පිරිසක් අවතැන්ව ඇත.

27වනදින රාත්‍රි 7.30ට පමන මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න හේතුවෙන් එහි නිවාස 14 මුලු මනින්ම විනාශයට පත්ව ඇති බව නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මෙම ගින්නට හේතුව මේ වන තෙක් අනාවරණය කර ගෙන නොමැති බවත් විදුලි කාන්දුවකින් මෙය සිදු වන්නට ඇතැයි සැක කරන බවද එම නිලධාරියා පවසන ලදි.

මෙම ගින්න හේතුවෙන් සිදුව ඇති හානිය මේ වන තෙක් තක්සේරු කර නොමැති බවත් මෙම නිවාසවල පුද්ගලයන් අසල නිවාසවල තාවකාලිකව රැදි සිටිමට පියවර ගෙන ඇති බවද ඔහු තව දුරටත් පවසන ලදි.

ගින්න හටගත් අවස්ථාවේ නොර්වුඩ් පොලිසිය හා එම වතුයායේ ජනතාව එක්ව ගින්න මැඩ පැවැත්විමට කටයුතු කලද ඒ වන විට එම නිවාස මුලුමනින්ම විනාශයට පත්ව ඇත.

මෙම ගින්න පිලිබදව නොර්වුඩ් පොලිසිය විසින් පුලුල් පරික්ෂන ආරම්ශ කර ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Please follow and like us:

Related posts