වෙළඳසැල් විවෘත නොවන හේතුව මෙන්න

ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර නිවෙස් අසලටම ගොස් බෙදා හැරීම සඳහා බලපත‍්‍ර අද සිට නිකුත් කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අද සිට එම ක‍්‍රමවේදය විදිමත් අයුරින් සිදු කිරීමට කටයුතු කරන බවයි.

කොරෝනා වෛරසයේ පලමු රැල්ල වාර්තා වූ සමයේ ද අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස් අසලටම ගෙන ගොස් බෙදා හැරීමට ආණ්ඩුව කටයුතු කළා.

ඒ අනුව නව වැඩපිළිවල සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර ඇත්තේ ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර නිවෙස් අසලටම ගොස් බෙදා හැරීම ක‍්‍රමවත් අයුරින් සිදු කරන බවයි.

සතොස සහ සුපිරි වෙළදසැල් ජාල ඊට සම්බන්ධවීමට දැනටමත් සූදානම් බව යුද්ධ හමුදාපතිවරයා සදහන් කළා.

ඒ අනුව මීට පෙර ප‍්‍රකාශ කළ පරිදි අද දිනයේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ වෙළදසැල් විවෘත නොවන බවයි ඔහු මාධ්‍ය වෙත වෙත කියා සිටියේ.

යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ මීට පෙර වෙළදසැල් විවෘත කර තැබූ අවස්ථාවේදී ජනතාවගේ හැසිිරීම සතුටු දායක නොවූ බවයි.

Related posts