විදෙස් දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරූබදු රහිතව මෙරටට ආනයනය කළ විදේශිය රටක නිෂ්පාදිත දුම්වැටි අලවිකිරිමේ ජාවාරමක නිරතවු පුද්ගලයෙකු රුපියල් පනස් දහසකට අධික වටිනා දුම්වැටි තොගයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර නව නගරයේ පදිංචිකරුවෙකු තීරුබදු රහිත මුදලට ගෙන්වන දුම්වැටි අලවිකිරිමේ ජාවාරමක නිරතවෙන බවට පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු අනුරාධපුර ඇලයාපත්තුවේ පදිංචි ව්‍යාපාරිකයෙකු සමග එක්වි දුම්වැටි ජාවාරම සිදුකරනා අතර ඔහුට අලවිකිරීම සදහා 1020ක ප්‍රමාණයක් සහිත පැකට් 51ක් තිබූ බව රැගෙන යමින් සිටියදි පොලිසිය අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

සැකකරුගෙන් දුම්වැටි මිලදි ගන්නා ව්‍යාපාරිකයා එම දුම්වැටි 200ක් සහිත කාටුන් එකක් රුපියල් 10500කට අලවිකර තිබෙනා බවත් ව්‍යාපාරිකයා ඒවා වැඩි මිලට විකුණමින් අයුතු ලාබයක් උපයාගෙන තිබෙනා බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් සැකකරු කාලයක සිට දුම්වැටි වෙළදාම සිදුකර තිබෙනා බවත් කොළඹ ප්‍රදේශයෙන් දුම්වැට අනුරාධපුරයට රැගෙනවිත් තිබෙනා බවත් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (21දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරික්ෂක රත්නායක පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර 48317 නිෂාන් 61406 ඉලංගසිංහ 68491 යන නිලධාරින් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට තිබේ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts