බොලිවියාවේ බටහිර ප්‍රදේශයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කල ජෙනරල් ගැරී ප්‍රාඩෝ 1967 දී විප්ලවවාදී අර්නස්ට් චේ ගුවෙරා අල්ලාගනු ලැබුවේ ඇමරිකාවේ පුහුණුව ලැබු රේන්ජර් කන්ඩායමක සහයෝගයෙනි.

චේ ගුවේරාගේ 120ක් පමණ වූ ගරිල්ලා කණ්ඩායමට සැඟවී සිට පහරදී බොලිවියානු හමුදා රෙජීමය ආරක්ෂා කිරීම නිසා ජෙනරල් ප්‍රාඩෝ ජාතික වීරයෙකු බවට පත්කෙරිණි.

එහිදී අත්අඩංගුවට ගත් චේ “බොලිවියාවේ ලා හිගේරා” නම් ග්‍රාමයේදී 1967 ඔක්තෝබර් 09 දින වෙඩිතබා ඝාතනය කරන ලද්දේ මාරියෝ ටෙරාන් නම් බොලිවියානු නිලධාරියා විසිනි.

මාරියෝ පසුව පවසා සිටියේ තමා වෙඩි තැබුවේ චේ ගුවේරාට බව දැන නොසිටි බවත් තමා ඒ පිලිබද පසුතැවෙන බවත්ය.

ඝාතනය වීමට පෙර චේ කියුබානු විප්ලවය ජයග්‍රහනය කොට කියුබාවේ කර්මාන්ත ඇමති ලෙස කටයුතු කරමින් සිටියේය.

පසුව තම සටන් සගයා සහ කියුබානු නායකයා වූ ෆිදෙල් කස්ත්‍රෝගේ අවසරය මත කියුබාව අතහැර බොලිවියාවට පැමිනි චේ බොලිවියානු විප්ලවයට නායකත්වය ලබාදුනි.

ආජන්ටිනාවේ උපන් චේ ගුවේරා නම් විප්ලවවාදියා බොලිවියාවේදී මියයන විට වයස අවුරුදු 39 කි.රහසිගතව වලදැමූ ඔහුගේ මෘතදේහය 1997 දී නැවත ගොඩගෙන කියුබාවේදී ගෞරාවින්විතව භූමදානය කරන ලදි.

Similar Posts