Similar Posts
යුක්රේනය, නව අධිකරණ ප්‍රතිසංස්කරණ පනතක් සම්මත කරයි
යුක්රේන පාර්ලිමේන්තුව විසින් පසුගිය අඟහරුවාදා දින නව අධිකරණ ප්‍රතිසංස්කරණ පනතක් සම්මත කරනු ලැබීය. දූෂණය තුරන් කිරීම සහ ආයෝජකයින්ට වඩා හිතකරවූත් විශ්වාසදායකවූත් නීතියේ සමානාත්මතාවය පවතින පරිසරයක් ඇති කිරීමට මෙම අධිකරණ ප්‍රතිසංස්කරණ තුළින් අපේක්ෂා කරයි. යුක්රේනය තුළ පුළුල් අධිකරණ ප්රතිසංස්කරණයක් ඇති කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය කලක පටන් යෝජනා සිදුකර තිබුණි. මෙම අධිකරණ ප්‍රතිසංස්කරණය පිළිබඳව…
ජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජය
වසර 16 කට ආසන්න කාලයක් තිස්සේ, ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන මධ්‍ය වාමාංශික සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය සමත් විය. ඒ අනුව, ජර්මනියේ නව චාන්සල්වරයා ලෙස එම ධුරයට පත් වනු ඇත්තේ මධ්‍ය වාමාංශික සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයයේ නායක 63 හැවිරිදි ඕලෆ් ෂොල්ස් ය.
විවාහක කාන්තාවන් නිරාහාරව සමරන චට් උත්සවය
ඉන්දීය හින්දු බැතිමතුන් හිරු දෙවියන් උදෙසා පවත්වන චට් උත්සවය දින හයක් පුරා පවත්වනු ලබන දිවාලි උත්සව සමයේ අවසන් දිනෙන් පසු එලඹෙන දින හතරේදී සමරනු ලබයි. විවාහක කාන්තාවන් නිරාහාරව සිටිමින් සහ ඉණවටක් ජලයේ ගිලී හිරු දෙවියන්ට පුද පූජා පවත්වනු ලබයි. සිය සැමියාගේ හා දරුවන්ගේ සුබසිද්ධිය පතා විවාහක කාන්තාවන් පෙර දිනයේදී නිරාහාරව හිඳිමින් බැස යන හිරු වන්දනා…
ඉවොන් මාටින්ස් ගේ බෝතල් නිවස
බ්‍රසීලයේ සාඕ පවුලේ ප්‍රාන්තයේ වාසය කරන ඒක්දරු මවක් විසින් ඉවතලන බෝතල් යොදාගනිමින් කුඩා නිවසක් ඉදිකර තිබේ. ඉවොන් මාටින්ස් නම් මෙම මව සිය ඒකම පුත්‍රයාගේ මරණයේ වේදනාව සමහන් කර ගැනීමට මෙලෙස බෝතල් නිවස තනා ඇත. ප්‍රදේශයේ විශාල වශයෙන් ඉවත දැමූ බෝතල් විශාල ප්‍රමාණයක් දැකීමෙන් පසු නිවස ඉදිකිරීමේ අදහස මාටින්ස්ට ලැබී ඇත. ඒ අනුව මීටර් තුනක් උස, මීටර්…
මොළයට හානි පමුණුවන ඇමීබා සත්වයෙකු පිළිබඳ අනතුරු ඇඟවීමක්
මොළයට දරුණු හානි පමුණුවන ඇමීබා සත්වයෙකු පිළිබඳ ඇමෙරිකා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ විද්‍යාඥයින් අනතුරු ඇගවීමක් නිකුත් කරයි. නයිග්ලේරියා ෆාවුලේරි නම් පියවි ඇසට නොපෙනෙන මෙම ඇමීබා මොළයට හානි සිදුකළ එක් පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වී ඇති බවයි පිරිසිදු ජලයේ මොවුන් වාසය කරන අතර ස්වසන මාර්ගය ඔස්සේ ශරීරයට ඇතුළුවන බවයි පැවසෙන්නේ. ෆ්ලොරීඩා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ ඇමීබා සත්වයින් මාරාන්තික ප්‍රථිපල…
ඉන්දියාවෙන් මාරාන්තික කළු දිලීර ආසාදිතයින් 9,000 ක්
මාරාන්තික කළු දිලීර රෝගය ආසාදිතවූවන් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා ආසාදිතව සුවය ලැබූ සහ සුවය ලබමින් සිටින පුද්ගලයින් බහුතරයක් රෝගයට ගොදුරු වී ඇති බවයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ගතවූ මාස කිහිපය තුළ ඉන්දියාවේ කළු දිලීර රෝගය ආසාදිතයින් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. රෝගය වැළදුණු පුද්ගලයින්ගේ මරණ අනුපාතය 50%…