තුර්කියට ඉකුත් සඳුදා බලපෑ භූ කම්පනය හමුවේ කඩා වැටුණු ගොඩගැනිලි ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වරෙන්තු 113 ක් මේවනවිට නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස වරෙන්තු නිකුත් කෙරුණූ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු 12 දෙනෙකු මේවනවිටත් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලීසිය සඳහන් කරයි.

පැවැති රජයන් යටතේ සිදුවූ දූෂණ සහ අසාර්ථක ප්‍රතිපත්ති හේතුවෙන් තුර්කියේ ඇති බොහෝ අළුතින් ඉදිකළ ගොඩනැගිලි අනාරක්ෂිත බව වසර ගණනාවක් පුරා විශේෂඥයින් අනතුරු අගවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Similar Posts