coronadelta

චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති ‘කොවිඞ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

මේ වනවිට චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු බවත් දෛනිකව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් පැවැසෙයි.

චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය සීමා ලිහිල්කිරීමට රජය පියවර ගැනීමත් සමඟය. සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට රජයට සිදුවූයේ එම සීමා සම්බන්ධයෙන් රජයට ජනතා විරෝධයක් එල්ල වුණු බැවිනි.

Similar Posts