තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින ලෙසට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් තම හමුදාවට දැනුම් දී තිබේ.

ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව යුද අභ්‍යාස පුළුල් කරමින් සිටින බවට චෝදනා කළ උතුරු කොරියානු නායකයා සඳහන් කර ඇත්තේ මිසයිල අත්හදාබැලීම් තවදුරටත් අඛන්ඩව සිදු කරන බවයි.

ඇමරිකාව සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදුකරන යුද අභ්‍යාසය මේ දිනවල පැවැත්වෙන අතර, උතුරු කොරියාව ද ඊට සමගාමීව පසුගිය සතියේ මිසයිල කිහිපයක්ම අත්හදා බලා තිබුණා.

Similar Posts