නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් නොහොත් වකාරි ගිනි කන්ද හදිසියේ පුපුරා යාමෙන් පුද්ගලයන් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තුවාල ලැබු පිරිසෙන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වේ.

ගිනි කන්ද  පුපුරා යාමට මොහොතකට පෙර වයිට් අයිලන්ඩ් ආවාටයේ මායිම තුළ සංචාරකයින් 50 ක් පමණ ගමන් කර ඇත. මෙය ප්‍රාදේශීය වේලාවෙන් ප.ව. 2:11 ට පමණ මෙම පිපිරීම සිදුවී  ඇති බව පොලිසිය පවසයි.

ශාන්ත ජෝන් ගිලන් රථ සේවකයින් පවසන්නේ  20 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විශ්වාස කරන නමුත් වෛද්‍ය කණ්ඩායම් තවමත් ගමන් කරමින් සිටින බවය.

ප්‍රදේශයේ හෙලිකොප්ටර් යානා සහ ගුවන් යානා කිහිපයක් දැක ඇති අතර දිවි ගලවා ගත් අය සංචාරක බෝට්ටුවලින් දිවයිනෙන් රැගෙන ඒනු  ලැබීය.

වයිට් අයිලන්ඩ් නොහොත් වකාරි උතුරු දූපතේ වෙරළට ඔබ්බෙන් වන අතර එය රටේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකකි. එයින් සියයට 70 ක් පමණ ජලයෙන් යටවී ඇත. ඒය  සංචාරක ගමනාන්තයක් වන අතර නිතර දිවා චාරිකා සහ දර්ශනීය ගුවන් ගමන් තිබේ. විශේෂයෙන්ම වික්‍රමාන්විත සංචාරකයින් අතර මෙය  ජනප්‍රියය. සෑම වසරකම 10,000 ක් පමණ දෙනා ගිනි කන්ද නැරඹීමට පැමිණෙති. මෙය අවස් වරට පුපුරා  ගොස්තිබුණේ 2016 වසරේදීය.

එම වර්ෂයේ අගෝස්තු මාසයේදී නවසීලන්ත ආරක්ෂක බළකාය ටොන් 2.4 ක නැව් බහාලුමක් දිවයිනට ප්‍රවාහනය කළේ පුපුරා යාමකදී හදිසි නවාතැනක් ලෙසය.

ගිනි කන්ද පුපුරා යමෙට මත්තෙන් දූපතෙන් පිටත් වූ බෝට්ටුවක සිටි අමුත්තෙකු වන මයිකල් ෂේඩ් පුපුරා යාම රූගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

Similar Posts