නැගෙනහිර යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ රුසියානු හමුදා සහ යුක්රේන හමුදා අතර දරුණු සටන් හටගෙන තිබේ. යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලන්ස්කි පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ඇති වු ගැටුම්වලින් රුසියානු හමුදා සාමාජිකයින් 1,100ට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් රුසියාව පවසා ඇත්තේ පසුගිය පැය 24 තුළදි පමණක් යුක්රේන හමුදා සාමාජිකයින් 220කට වැඩි පිරිසක් ඝාතනය කළ බවයි. එහෙත් දෙපාර්ශවය පවසන සංඛ්‍යාලේඛන මෙතෙක් තහවුරු කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Similar Posts