ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත.

ඒ, වසරක් පුරා ක්‍රියාත්මක යුක්රේන යුද්ධයේදී ව්ලැදිමීර් පුටින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින්. නීතියට පටහැනි ලෙස යුක්රේන දරුවන් රුසියාවට රැගෙන යාම සම්බන්ධයෙන් ද ව්ලැදිමීර් පුටින්ට චෝදනා එල්ල වෙයි.

එහෙත් රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක් වන්නේ නැහැ. එබැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුව රුසියානු නායකයාට බලාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ කෙසේද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති මන්දිරයේ ප්‍රකාශකයා පවසන්නේ ජාත්‍යන්තර අපරධ අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුව පිළිගත නොහැකි බවයි.

Similar Posts