ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යූරියා සහ MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යුරියා හා MOP පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි එකඟත්වය පළ කර ඇත්තේ.

මේ සම්බන්ධ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් වුණා. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති H.E. Levan Dzhagarayan මහතා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර සැපයීමේ වැඩ පිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීම සඳහා දෙරට අතර කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි මෙහිදී රුසියානු තානාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙම කටයුතු ලබන මහ කන්නය ආරම්භයට පෙර අවසන් කිරීමටත්, ලබන මහ කන්නයේ දී යුරියා හා MOP පොහොර ගොවීන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම ඉළක්ක කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

Similar Posts