Elon-Musk-to-Putin

ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය.

මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම සමාගමේ සේවකයින් වෙත තවත් ඊමේල් පණිවුඩයක් යවා තිබේ.

ඔහු දන්වා ඇත්තේ ට්විටර් සේවකයින් “දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතුව වැඩ කළ යුතු බවත් නැතහොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ය.”

එම ප්‍රතිඥාවට සිය එකඟතාවය පළ නොකරන සේවකයින් ව මාස තුනක වැටුප් ගෙවා සේවයෙන් ඉවත් විය හැකි බව ඉලොන් පැවසීය.

Similar Posts