මංතිරු අමතක වී ලොරි ත්‍රිරෝද ගැටෙයි

හැටන් බගවන්තලාව මාර්ගයේ දික්ඔය නගරයේදි ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ 25වන දින සවස් කාලයේ මෙම ත්‍රිරෝද රථය වැරදි මංතිරුවේ ධාවනය කිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්ය.

මෙම අනතුර පිලිබදව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පරික්ෂන මෙහෙය වන බවත් අදාල ත්‍රිරෝධ රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති බවද තව දුරටත් පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය මුලීක රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කල රෝගියා මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එහුගේ තත්වය බරපතල නොවන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts