කොරෝනා නිසා ගලෙන්බිදුණුවැව වෙළදසැල් කිහිපයක් වසයි

කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගියෙකු ගලෙන්බිදුණුවැව නගරයෙන් හමුවීමත් සමග නගරයේ වෙළදසැල් 25ක ප්‍රමාණයක් වසාදැමීමට හා ආශ්‍රීතයන් ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින්  පියවර ගෙන තිබේ.

මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු වන ව්‍යාපාරිකයාගේ පී.සී.ආර් පරික්ෂනයට අනුව ඔහුට කොවිඩ් 19 රෝගය වැලදි තිබෙනා බව තහවුරුවි තිබේ.

වසාදැමූ කඩ විසිපහක ප්‍රමාණයේ සේවකයන් 50කට අධික ප්‍රමාණයක් සිටිනා අතර ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් සොයා බලා රෝග ව්‍යාප්තිය වැලක්වීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ නිලධාරින් පවසයි.ඒ අනුව අනුරාධපුර ගලෙන්බිදුණුවැව දුටුවැව කැකිරාව ඇතුළු වීදි සියල්ලේ පිහිටි වෙළද ආයතන විසිපහක් තාවකාලිකව වසාදමා තිබේ.

කොවිඩ් 19 වැළදුණු රෝගියා ප්‍රතිකාර සදහා අනුරාධපුර මෙත්සිරි සෙවන ප්‍රතිකාර ඒකකයට ආරක්ෂිතව එවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබු අතර රෝග ව්‍යාප්තිය වැලක්වීම සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කිරීමට ගලෙන්බිදුණුවැව පොලිසිය කටයුතු කර තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts