ගම්පහ බරපතල වෙයි කොරෝනා රෝගීන් නිවෙස්වල

corona-outbreak

ගම්පහ දිස්ත‍්‍රික්කයේ මේ වන විට ඇතැම් රෝගීන් රෝහල්වල ඉඩ පහසුකම් සූදානම් වන තෙක් නිවෙස්වල රදවා ඇතැයිද වාර්තා වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇතැයි ද එය බරපතල අවධානම් තත්වයක්යැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා වසා දමා ඇති කම්හලක් අලුත්වැඩියා කරමින් තිබේ.එය කඩිනමින් අලුත් වැඩියා කර ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළාය.

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි පිහිටි උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙහි සේවිකාවක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම මත නැවත දැනුම් දෙන තුරු එම කාර්යාලය වසා තැබෙන බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය

ජනතාවගේ උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් අවශ්‍යතාවයන් සදහා විද්‍යුත් පහසුකම් සහිත වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකි බව දිසාපතිවරයා කීය.

 

Related posts