ගෝල් ග්ලැඩියේටර්ස්ට තරඟ ජයක්

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කඩුලූ 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන කි‍්‍රඩක මොහොමඕ අමීර් අද වාර්තා පොත් අතරට එක් වුණා.
ඒ, කලම්බෝ කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී ලකුණු 26 කට කඩලූ 5ක් දවා ගනිමින්.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදි සියල්ලන් දැවී ලකුණු 171 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරගාවලියේ වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙය වේ.

Related posts