කොවිඩ් දුරු කරන්න සමන් දෙවිදුන්ට බාරවෙයි

ශ්‍රි ලංකාවෙන් කොවිඩ් 19 වසංගතය දුරු කරන ලෙස ඉල්ලමින් සමන් දෙව්දුන්ට බාර හාර විමට 03වන දින හැටන් දික්ඔය නගර සභාවේ සභාපති ඇතළු පිරිස කටයුතු කරන ලදි.

මේ වන විට කොවිඩ් වසංගතයෙන් ශ්‍රි ලංකාව අසිරු තත්වයන්ට පත්ව ඇති අතර එම තත්වයෙන් මෙම රට බේරා ජනතාව ආරක්ෂාකර දෙන ලෙසට මෙම පිරිස 03වන දින හැටන් සමන් දේවාලයේ පඩුරු ගැට ගසා බාර හාර වෙන ලදි.

මෙහිදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගතය මේ රටින් දුරු විමෙන් පසු සමන් දෙවිදුන් සදහා පුද පුජා පැවැත්විම පියවර ගන්නා බවත් මෙම වසංගතයෙන් රට බේරාදි ජනතාව ආරක්ෂා කරන ලෙසට සමන් දෙවිදුන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

මෙම අවස්ථාවට එම නගර සභාවේ උප සභාපති නාගරික මංත්‍රිවරුන් හා අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයශංක පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක් විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts