සුසාන භුමියේ කොටසකටත් විදින්න යයි

බෝගහාවත්ත ප්‍රදේශයේ මාර්ගයක් හා පොදු සුසාන භුමියේ කොටසක් එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කිරිමට එරෙහිව එම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු මිනි පෙට්ටියක්ද ලග තබාගෙන 23වන දින නිහඩ උද්ඝෝෂයකට එක්ව ඇත.

මෙම උද්ගෝෂකයන් පවසනුයේ තමන්ට ගමන් කිරිමට ඇති මාර්ගය මෙන්ම පොදු සුසාන භුමියෙන් කොටසක් මෙම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කරන බවත් එයට විරෝධය දක්වමින් තමන් මෙසේ නිහඩ උද්ගෝනයක නිරත වන බවත්ය.

යම් හෙයකින් මෙම දෙදෙනා මෙම ඉඩම් කොටස අල්ලා ගත හොත් තමන්ට ගමන් කිරිමට මාර්ගයක් මෙන්ම මල සිරුරක් මිහිදන් කිරිමට හෝ ස්ථානයක් තමන්ට අහිමි වන බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මෙම සිද්දිය සම්බන්දයෙන් අදාල බලධාරින්ට ලිඛිතව දැනුම්දිමට පියවර ගෙන ඇති බවද ඔහුන් තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts