හක්ක පටස් කෑ අලියෙකු නිසා ගම්වාසීන්ගේ දෛනික වැඩවලට බධා

හක්ක පටස් පුපුරණ ද්‍රව්‍ය ආහාරයට ගැනිමෙන් මුඛයට බරපතල තුවාල සිදුව සිටිනා වන අලියෙකු හේතුවෙන් දෛනික වැඩකටයුතු බධා එල්ලවි ඇති බව මැදවච්චිය පුල්එළිය දිවුල්වැව ගම්වැසියන් පවසති.

දින පහකට පමණ ඉහතදි වයස අවුරුදු තුනක් පමණ වන වන අලියා මුඛයේ තුවාල සහිතව ගම්වැදුණු බවත් තුවාලයේ වේදනවා සමග වන අලි පැටවා ගම්මානය පුරා දිවයෑම නිසා දෛයිනික වැඩකටයුතු වලට බරපතල ගැටළු මතුවි ඇති බව ඔවුන් කීහ.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>වනජීවි නිලධාරින් අවස්ථා දෙකකදි පැමිණ වන අලියාට ප්‍රතිකාර කරනු ලැබුවත් ගම්මානයෙන් ඈතට අලියා පැන්නීමට කටයුතු නොකරන බවට ගම්වැසියන් චෝදනා කළහ.

මේ සම්බන්ධයෙන් පුල්එළිය දිවුල්වැව පදිංචි පී.ජයසිංහ (67) ගොවිමහතා මෙසේ පැවසුවේය.දවස් පහකට විතර ඉහතදි අඩි පහක් පමණ උස වන අලියෙකු ගම්වැදුනා.

අපි විපරම් කරලා බලද්දි තමයි දැක්කේ කටේ ලොකු තුවාලයක් තියනවා.හක්ක පටස් එකක් කාළා තමයි මේ තුවාල වෙලා තියෙන්නේ.

අපිට තියෙන ප්‍රශ්නය තමයි දැන් දරුවෙකු තනියම එළියට යවන්න විදියක් නෑ.පාසලකට කඩ පිලකට යන්න විදියක් නෑ.

මේ සතා එක පාරටම කැලෑවේ ඉදගෙන පන්නගෙන එනවා.තුවාලයේ වේදනාව වැඩි වුනාම තමයි එක පාරටම ගම්වදින්නේ.අපි ගොවිතැන් කරපු ගස්ලබු බඩ ඉරිගු ඇතුළු බෝග විශාල ප්‍රමාණයකුත් පයින් ගහලා විනාශ කරලා.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>දරුවෙකු හේනේ පැල්කොටේ තියාගෙන වගාවක් කරන්න බයයි මේ සතා එක පාරටම කඩා වදිනවා.වනජීවියේ මහත්තුරුන්ට කිවුවා. ඒ අය ඇවිල්ලා එන්නතක් විදලා ගියා.

අපි කිවුවා අල්ලලා ගෙනියන්න අපිට කරදරයි කියලා.එතුමලා කියනවා අලියාව අල්ලන්න බෑ කියලා.කාගේ හරි ජීවිතයක් විනාශ වෙනකම්ද මෙතුමාලා බලාගෙන ඉන්නේ යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

Related posts