සුදු සමක් සඳහා ක්‍රීම් එකක් දෙන බව කියා කාන්තාවක් කෙළෙසයි

සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ගන්නට ආ කාන්තාවකට ක්‍රීම් එකක් ලබාදෙන බව පවසා ඇයව දූෂණය කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

පැමිණිලිකාරිය එන්නත්වල මිල ගණන් වැඩි බව සැකකරුට දන්වා ඇති අතර එහිදී ඔහු ‘‘ක්‍රීම් එකක් තියෙනවා දෙන්නම්’’ කියා පවසා වෛද්‍ය මධ්‍යස්ථානයේ උඩුමහලට පැමිණිලිකාරිය රැගෙන ගොස් එහිදී දූෂණයට ලක්කර තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය.

නාරාහේන්පිට, ඉසිපතන මාවත, ග්‍රීන්ලන්ඩ් ඇවනිවු, අංක 60 පිහිටි ‘‘සෙත්මන්සල’’ නමැති වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කොළඹ 05, තිඹිරිගස්යාය පාර අංක 116/11 ලිපිනයේ පදිංචි කොරතොටගේ ලියනගේ වික්‍රමරත්න නමැති සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.පී.සී.ජේ. කුලසිංහ අධිකරණයට දැන්වා ඇත.

 

Related posts