මම විද ගත්ත එන්නතක් නෑ – ෆොටෝ එක ‘බට්’ කළ එකක්

මම කොරෝනා මර්දන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල යනවා.

එය සම්පූර්ණයෙන්ම වැරදි ප‍්‍රවෘත්තියක්. මම විද ගත්ත එන්නතක් නෑ. එය මට කෙණෙහිලිකම් කරන අයගේ මඩ ගැසීමක් බව කියන්න කැමැතියි යැයි ‘ධම්මික පැණිය’ නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පැවසීය.

මගේ රූපය ගෙන තවත් කොටසකට බද්ධ කරලා මට බෙහෙත විදින බවට පෙන්නන ඡායාරූපය හදලා.

මෙය දෙස හොඳින් බලන අයකුට පෙනෙනවා බද්ධ කර තිබෙන ඡායාරූපයක් බව. මම බෙහෙත් හදන්න පටන් ගත් දවසේ සිටම මට එරෙහිව ඔය මඩ ප‍්‍රචාර ගෙනියනවා. මා ඒ ගැන ඉතාමත් කනගාටු වෙනවා.

Related posts