‘අයිස් බකට්’ පැට්‍රික් ක්වින් මියයයි

විවිධ අවශ්‍යතාවයන් සඳහා අරමුදල් රැස්කිරීමට යොදාගන්නා “අයිස් බකට් චැලෙන්ජ්” ලොවට හඳුන්වා දුන් කිහිපදෙනාගෙන් කෙනෙක් වන පැට්‍රික් ක්වින් මියගොස් තිබේ.

ඔහු මියයන විට 37 හැවිරිදි වියේ පසුවිය.

නිව් යෝර්ක් වැසියෙක් වන ක්වින් 2013 සිට සුව කළ නොහැකි ස්නායු රෝගයකින් පෙළෙමින් සිටි බව සඳහන් වේ.

“අයිස් බකට් චැලෙන්ජ්” ඔස්සේ ALS පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 220ක් රැස් කිරීමට ඔහු සමත්විණි.

Related posts