කන්දකාඩු කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පනියි : මහජනතාව විමසිලිමත් වන්න

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

මුල්ලේරියාව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම ඡායරුපයේ සිටින තැනැත්තා මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවකුවන අතර මොහුගේ වම් කකුලේ අබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන තැනැත්තෙකි.

මෙම තැනැත්තා සොයා ගැනීම සඳහා මහජන සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

මොහු ගැන දන්නා අයෙකු පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි.

119
0718591017
0718592290
0718591864


නම : එල්සියාම් නසීම්
Elsiyam nazeem
වයස : අවුරුදු 41
ලිපිනය : සින්නම්පිල්ලෙසිමෙයි, වල්ලිමලර්, ත්‍රිකුණාමලය.
Sinnampilleisimei, Wellimalar, Trincomalee.
– ජාලිය සේනාරත්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Related posts