ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක්

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක් බවට පත්ව තිබේ. ඒ නිසාම ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටි නොහිටි හැමෝටම ඒ ගැන බලවත් ආශාවක් කැක්කුමක් තිබෙනවා.

ඒ නිසාම පසුගිය දවස්වල ක‍්‍රිකට්වල ‘හිටි’ කෙනෙක් ක‍්‍රීඩා සංගම්වලට පොඩි ‘සාදයක්’ සූදානම් කළා. මේ හිටි කෙනාට ක‍්‍රිකට් පාලක මණ්ඩලය පැත්ත පළාතේ එන්න තහනම් කර තිබියදීත් එයාගේ  ට‍්‍රයි එක තමන්ගේ ගෝලයෝ දාල වැඬේ දුවවන්න.

එයා සාදය සූදානම් කරන්න හේතුවත් ඒකයි. මෙයා මේ සාදයට සංගම්වල අය ගෙන්නලා තිබුණේ ආණ්ඩුවේ ඉහළම ලොක්කෝ කිහිපදෙනෙක් එන බව කියලයි.

හැබැයි කරුමෙට වගේ ඒ පාටියට කිසිම ලොක්කෙක් ආවේ නෑ. ඒ විතරක් නෙවෙයි සංගම්වල උදවිය ආවෙත් ඉතාම සීමිත පිරිසක්.

සමහර අය කොරෝනාව පිට දාල ඇඟ බේරගෙන තිබුණත් සමහර අය කියන්නේ එතන කොරෝනාවටත් වඩා භයානක වසංගතයක් නිසා පැත්තකට වෙලා ඉන්න එක හොඳයි කියලයි.

දැන් ඒ ‘හිටි’ කෙනා කුරුමාණම් අල්ලන්නේ ක‍්‍රිකට්වලටම සම්බන්ධ පවුලක කෙනෙක් තරගෙට යවලා එයා පිටුපස්සේ ඉඳගෙන වැඬේ මෙහෙයවන්නයි.

ඒත් අර කියපු කෙනා එතරම් ජනප‍්‍රිය චරිතයක් නොවන නිසාත්, එයාට ඡන්දය නොලැබෙන නිසාත් ටිකක් සැර ගේමක් ගහන්න වන බව ‘හිටි’ කෙනා කියන බව ආරංචි වෙනවා.

ඒ මොන කතා කිව්වත් මේ සැරේ වැඬේ අමාරු බවයි තොරතුරු දන්න අය කියන්නේ.

උදේශ සංජීව ගමගේ

udeshamedia@gmail.com

divina

Related posts