ඔලිම්පික් පිහිනුම් ශූරයකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියානු ඔලිම්පික් රිදී පදක්කම් ලාභී පිහිනුම් ශූරයකු වූ ස්කොට් මිලර් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට සිඩ්නි පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙළේදී මීටර් 100 සමනල ආර ඉසව්වෙන් රිදී පදක්කමක් සහ මීටර් 100 සහාය මෙඩ්ලි තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ 45 හැවිරිදි මිලර් අමෙරිකානු ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුතු ‘අයිස්‘ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී සිඩ්නි පොලිසියට හසු විය.

Related posts