අද යාපනය සමඟ දඹුල්ල පිටියට

LPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දසුන් ශානකගේ දඹුල්ල වයිකින් සහ තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා ස්ටැලියන්ස් අතර, අද (14) රාත්‍රී 7.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ප්‍රථමවරට පැවැත්වූ ලංකා ප්‍රිමියර් ලීග් T20 තරඟාවලියේ පළමු අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ (13) දිනයේදී සමත් විය.

ඒ කොලම්බු කිංග්ස් කණ්ඩායම සමඟ පැවැති අවසන් පුර්ව තරඟයේ දී කඩුළු 02ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමිනි.

තරඟාවලියේ මුලික තරඟ පුරාවට දැඩි ලෙස ආසාර්ථක වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරඟ කිහිපය තුළ කැපී පෙනෙන දක්ෂතාවයක් දක්වන්නට සමත්විය.

Related posts