පුත්තලමෙන් කහ කිලෝ 250 ක් මතුවෛයි

නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් සගවා තිබූ කහ කිලෝ 250 ක් පුත්තලමේදී පොලිස් භාරයට ගෙන තිබේ.

පුත්තලම ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය හා එක්ව නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් සඟවා තිබූ කහ කිලෝ 250 ක් අත්අඩංගුවට ගැනුණි.

අප වාර්තාකරු පැවසුවේ පුත්තලම නගරාසන්නයේ වී මෝලක සගවා තිබියදි කැබ් රථයක් තුළ තිබී කහ තොගය පොලිස් භාරයට ගත් බවයි.

Related posts