කළුතර මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා

පවතින වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, බුලත්සිංහල ඇතුළු ප්‍රාදේශ රැසක අතුරු මාර්ග රැසක් ඊයේ (02) ජලයෙන් යටව ගමනාගමනයට බාධා එල්ලවි තිබූ බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සම්බන්ධිකාරක ලුතිනන් කර්නල් ප්‍රදිප් මාපලගම මහතා ඊයේ(02) හවස කීවේය.

පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මගුර ප්‍රදේශය, වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත, වලල්ලාවිට ප්‍රදේශවල අතුරු මාර්ග ජලයෙන් යටව තිබණි.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කීපයක නායයාමේ අනතුරු පිළිබද ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දී ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම් දී තිබේ.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Related posts

Leave a Comment